අලුත උපන් බිළින්දන් 70 ට කොරෝනා - ගැබිණි මව්වරුනුත් අවධානමේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
08

අලුත උපන් බිළින්දන් 70 ට කොරෝනා - ගැබිණි මව්වරුනුත් අවධානමේ

අලුත උපන් බිළින්දන් 70 ට කොරෝනා - ගැබිණි මව්වරුනුත් අවධානමේ

පසුගිය දින කිහිපයේ කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ කොරෝනා අසාදිත බිළිඳුන් 70 දෙනෙකු උපත ලබා තිබෙනවා.

 

මව්වරුන්ට කොරෝනා අසාදිත වීම මත මෙම බිළිදුන්ට මෙලෙස කොරෝනා ආසාදිත වී තිබෙනවා.

 

එම සියලුම බිළිඳුන් වෙන් වෙන්ව නිරෝධායන කොට තිබෙනවා මෙම තත්ත්වය කාසල් රෝහලෙන්ද වාර්තා වෙනවා.

 

එසේම දැනට කොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන් 100 ඉක්මවා තිබෙනවා.

 

මසකට අඩු එක් බිළින්දෙකු දෙවැනි කොරෝනා රැල්ලෙන් මිය ගිය නමුත් වෙනත් කිසිදු බිළිදු මරණයක් කොරෝනා නිසා මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

කෙසේ නමුත් මෙරට ගැබිණි මව්වරුන් කොරෝනා රකුසාට ගොදුරු වී නොතිබුණු නමුත් එම වාර්තාව බිඳ හෙළමින් මීට දින කිහිපයකට ඉහතදී රාගමන් කොරෝනා ආසාදිත ගැබිණි මාතාවක් ජීවිතයෙන් සමු ගත්තාය.

views

601 Views

Comments

arrow-up