විවෘත කර පැය 12 ක් තුල මගීන් 768 ක් දිවයිනට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
01

විවෘත කර පැය 12 ක් තුල මගීන් 768 ක් දිවයිනට

විවෘත කර පැය 12 ක් තුල මගීන් 768 ක් දිවයිනට

රට තුළ පවතින තත්ත්වය හමුවේ අද (01) දිනය දක්වා වසා දමා තිබූ මෙරට ගුවන් තොටුපොළවල් විවෘත කිරීමත් සමග අද මධ්‍යහන 12.00 දක්වා ගෙවුණු කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන්යානා 10ක් මඟින් මගීන් 768 දෙනෙකු පැමිණ තිබෙනවා.

 

මෙම පිරිස පැමිණ තිබුණේ කටාර්, සෞදි, ඕමාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය, මාලදිවයින, යන රටවල් වල සිටයි. මීට අමතරව අද දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා කාලය තුළ තවත් මගින් 296 දෙනකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණීමට නියමිත බව ගුවන් තොටුපල ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

views

1017 Views

Comments

arrow-up