දිස්ත්‍රික්ක 03 ක ග්‍රාම නිළධාරී වසම් 11 ක් හුදකලා කරයි

අද (13) උදෑසන සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ, ගාල්ල, රත්නපුර, දිස්ත්‍රික්ක තුනට අයත් ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදකලා කිරීමට පියවර ගත් බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
මීට අමතරව කොළඹ, අම්පාර, නුවරඑළිය දිස්ත්‍රික්ක වලට අයත් ග්‍රාම නිලධාරී වසම් 04 ක් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා.
එමෙන්ම ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 448 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
871 Views
Comments