එන්නත් මිලදී මිලදීගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ලංකාවට ලෝක බැංකුවේ ප්‍රසාදය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
25

එන්නත් මිලදී මිලදීගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ලංකාවට ලෝක බැංකුවේ ප්‍රසාදය

එන්නත් මිලදී මිලදීගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ලංකාවට ලෝක බැංකුවේ ප්‍රසාදය

ශ්‍රී ලංකා විසින් එන්නත් මිලදී ගැනීමේදී අනුගමනය කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ලෝක බැංකුව සිය ප්‍රසාදය පළ කර තිබේ.

 

වඩාත් ක්‍රමවත්ව විනිවිදභාවයෙන් යුතුව මෙම කටයුතු කිරීම හේතුවෙන් ලංකාව දකුණු ආසියාවේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින බව ලෝක බැංකුව හඳුනාගෙන ඇත.

 

ශ්‍රී ලංකාවට ලැබෙන මෙම පිළිගැනීම හේතුවෙන් එන්නත් මිලදීගැනීමේදී ලෝක බැංකුවේ වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලංකාවට හිමිව තිබේ.

 

එළඹෙන සැප්තැම්බර් මාසය වන විට තවත් එන්නත් මිලියන 17ක් පමණ මෙරට ලැබීමට නියමිතයි.

views

1027 Views

Comments

arrow-up