දැනට පවතින කාලගුණ තත්වයේ වෙනසක් - පළාත් රැසකට වැසි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
22

දැනට පවතින කාලගුණ තත්වයේ වෙනසක් - පළාත් රැසකට වැසි

දැනට පවතින කාලගුණ තත්වයේ වෙනසක් - පළාත් රැසකට වැසි

දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේ දී ( විශේෂයෙන්ම 23 වනදා සිට ) බලාපොරොත්තුවේ.

 

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

 

නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැක.

 

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.

 

මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිර දෙසින් හමා එන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි.

 

සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.

 

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

views

805 Views

Comments

arrow-up