පුබුදු ජයගොඩට අධිකරණයෙන් නොතේසි

සංචරණ සීමා පනවා තිබූ කාලය තුළ මෝදර පොලිස් වසමට අයත් ලෙල්ලම ප්‍රදේශයේ දී ජනතාව රැස් කරමින් පැවැත්වීමට සූදානම් කර තිබූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජයගොඩ මහතා ට එළඹෙන ජුලි මස 7 වන දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.
විරෝධතාවය පැවති ඒ ස්ථානයට පුබුදු ජයගොඩ මහතා පැමිණි පසුව ඔහුව පොලිස් ජීප් රථයකට නංවා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කිරීමෙන් පසු මෙලෙස ඔහුට නොතීසි නිකුත් කිරීමට අධිකරණය පියවර ගෙන තිබුණි.
498 Views
Comments