මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ යකා නටයි. සංස්කරණය නොකළ දර්ශන (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
21

මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ යකා නටයි. සංස්කරණය නොකළ දර්ශන (VIDEO)

මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ යකා නටයි. සංස්කරණය නොකළ දර්ශන (VIDEO)

පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි පහකට කල්තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිනයේදී කටයුතු කළා.

 

ඒ දේශපාලන පලිගැනීම් කොමිෂන් සභා වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ පළමු කථාව පවත්වන අවස්ථාවේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වීම නිසාවෙනුයි.

 

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඔවුන්ට පළමු කතාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඔවුන්ට පළමු කතාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

 

මේ අතර අද දිනයේ සමඟ ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කළු පැහැති ඇඳුම් ඇඳ පැමිණ සිටිනු දක්නට ලැබුණා.

 

ඒ අද පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනය නිසාවෙනුයි.

 

 

views

904 Views

Comments

arrow-up