ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නක් 10 ක් මිය යයි

අසල්වැසි ඉන්දියාවේ මුම්බායි නුවර කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක ගින්නක් හටගෙන තිබේ.
මේ හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 70 දෙනෙකු වෙනත් ස්ථාන කරා මාරුකර යවා ඇත.
මිය ගිය පුද්ගලයින් ගෙන් කොපමණ පිරිසක් ආසාදිතයින් දැයි මෙතෙක් වාර්ථා කර නොමැති අතර ගින්න නිවීම සඳහා මේ වන විටත් ගිනි නිවන බටයින් කටයුතු කරමින් සිටී. ගින්න හට ගන්නා අවස්ථාවේ රෝහල තුල ගිලන්රථ 20 ක් පමණ නවතා තිබී අැති බවද වාර්තා වේ.
885 Views
Comments