මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
20

මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි

මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි

2018 වසරේ පෙබරවාරි 04 වැනි දින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යයාලය ඉදිරිපිට දී L.T.T.E හිතවාදී පිරිසක් විසින් පැවැත්වූ උද්ඝෝෂණයේ දී එම පිරිසට හස්ත සංඥාවෙන් මරණ තර්ජන එල්ල කර බව කියවෙන චෝදනාවකට බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් අධිකරණය මඟින් ලබා දී තිබූ තීන්දුව එරට මහාධිකරණය විසින් ඉවත දමා තිබෙනවා.

 

එ් සමඟ වෙස්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබා දී තිබූ තීන්දුවෙන් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නිදොස්කොට නිදහස් කර තිබෙනවා.

 

වෙස්මිනිස්ටර් අධිකරණය මීට පෙර ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400 ක මුදලක් දඩය ලෙස ගෙවන ලෙස නියෝග කර තිබුණා.

 

ඊට එරෙහිව එ් මහතා විසින් බ්‍රිතාන්‍යයේ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ අභියාචනාව සැලකිල්ලට ගනිමිනුයි ඊයේ දිනයේ දී බ්‍රිතාන්‍ය මහාධිකරණය විසින් මේ තීන්දුව ලබා දී තිබුණේ.

views

1954 Views

Comments

arrow-up