වන විනාශය ගැන සඳහන්ව තිබූ සිතුවම පොලීසිය ගලවා ඉවත් කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
19

වන විනාශය ගැන සඳහන්ව තිබූ සිතුවම පොලීසිය ගලවා ඉවත් කරයි

වන විනාශය ගැන සඳහන්ව තිබූ සිතුවම පොලීසිය ගලවා ඉවත් කරයි

කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ඉදිරිපිට විහාර මහා දේවී උද්‍යානයේ ඉදිකර තිබූ දැවැන්ත සිතුවම කොළඹ පරිසර පොලිස් එ්කකය විසින් ගලවා ඉවත් කර තිබෙනවා.

 

Wildlife and Nature Protection සංගමයේ තරුණයන් විසින් ජාත්‍යන්තර දේශගුණික ක්‍රියාකාරී දිනයට සමගාමීව මෙම චිත්‍රය නිර්මාණය කර තිබුණා.

 

කොළඹ මහ නගර සභාවේ අනුමැතිය යටතේ ඉදි කෙරුණු මේ සිතුවම මඟින් ශ්‍රී ලංකාව පුරා සිදුවන වන විනාශය පිළිබඳව නිරූපනය කර තිබුණා.

 

කෙසේ නමුත් එම ස්ථානයට පැමිණි පරිසර පොලිස් එ්කකයේ නිළධාරීන් විසින් එම සිතුවම ඉවත් කළේ සිතුවම සඳහා ඔවුන්ගේ අනුමැතිය ලබා නොගත් බව පවසමිනි.

 

 

 

 

 

 

 

 

views

799 Views

Comments

arrow-up