අජිත් රෝහණට කැපිල්ලක් දා S/Dig තනතුර දෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති(වැඩබලන)තනතුරට උසස් කර තිබෙනවා.
ඊට අදාළ ලිපිය අද ඔහුට ලබා දී තිබෙනවා.
කෙසේ නමුත් ඔහුට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර ලබා දී ඇත්තේ වැඩබලන පදනම මත වීමද කැපි පෙනේ.ඔහුට හිමි වීමට තිබුණේ ස්ථිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර බවද වාර්තා වෙනවා.
ඔහු සමඟ මෙම ධූරය ලබා ගැනීමට සිටි නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන රන්මල් කොඩිතුවක්කු, කිත්සිරි ජයලත් සහ රාජිත ශ්‍රී දම්මින්ද හට ඊයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර ලබා දී තිබුණා.
අජිත් රෝහණට පොලිසිය තුළින්ම කැපිල්ලක් නිර්මාණය වී ඇති අතර ඔහුට සේවා උසස්වීමක් දීමට තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනක් අකමැති බවද වාර්තා වෙනවා.
ඒ ඊළඟ පොලිස්පති තනතුර සඳහා අජිත් ඒවියැයි යන සැකය නිසාය.
827 Views
Comments