සංචරණ සීමා සමය තුළ අවසර හිමි වන රැකියා
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
11

සංචරණ සීමා සමය තුළ අවසර හිමි වන රැකියා

සංචරණ සීමා සමය තුළ අවසර හිමි වන රැකියා

එළඹෙන ජුනි මස 21 වන දා දක්වා ක්‍රියාත්මක වන සංචරණ සීමා කාලසීමාව තුළ ක්‍රියාත්මක විය හැකි ආයතන සහ රැකියා සම්බන්ධයෙන් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

 

ඒ අනුව සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා ඇඟලුම් කර්මාන්තශාලා ඉදිකිරීම් ආශ්‍රිත වැඩබිම් කෘෂිකාර්මික කටයුතු සහ කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා අවසර හිමිවනවා.

 

ඊට අමතරව ආර්ථික මධ්‍යස්ථාන ද නිශ්චිත කාල සටහනකට අනුව විවෘත වන අතර එය පසුවට දැනුම් දීමට නියමිතයි. මේ අතර ගම්මානවල ක්‍රියාත්මක වන සති පොළ නිර්දේශ කරන සීමාවන් යටතේ පැවැත්වීමටද අවසර ලබා දී තිබෙනවා.

views

3738 Views

Comments

arrow-up