යාපනයෙන් බෝම්බ තොගයක් හමු වේ. හඳුනා නොගත් බෝම්බ පහකුත් ඒ අතර
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
25

යාපනයෙන් බෝම්බ තොගයක් හමු වේ. හඳුනා නොගත් බෝම්බ පහකුත් ඒ අතර

යාපනයෙන් බෝම්බ තොගයක් හමු වේ. හඳුනා නොගත් බෝම්බ පහකුත් ඒ අතර

යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ පොලිකන්ඩිහි ගෙවත්තක වළ දමා තිබූ හඳුනානොගත් බෝම්බ ඇතුළු බිම් බෝම්බ තොගයක් අද (25) දිනයේ දී නිෂ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

 

මෙම බෝම්බ තොගය සොයා ගැනුණේ යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුවයි.

 

ඒ අනුව පොලිකණ්ඩි ප්‍රදේශයේ ගෙවත්තක ප්ලාස්ටික් බැරලයක් තුළ බහා වළ දමා තිබියදී මෙම බෝම්බ සොයාගනු ලැබුවා.

 

පසුව සිදුකළ පරීක්ෂණ වලින් හෙළි වී තිබුණේ එම හඳුනානොගත් බෝම්බ 5 ටෝපිඩෝ වර්ගයට අයත් බෝම්බ බවයි.

 

මීට අමතරව බැරලය තුළ තිබී තවත් බිම් බෝම්බ 16 ක් සොයාගෙන ඇති අතර යුද සමය තුළ ත්‍රස්තවාදීන් විසින් අදාළ ස්ථානයෙන් මෙම බෝම්බ වල දමා සඟවන්නට ඇතැයි සැක පළ කරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.

 

කෙසේ නමුත් මෙම බෝම්බ සොයා ගන්නා විට අබලන් තත්ත්වයේ තිබී ඇත. මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ලැබුණු නියෝගයකට අනුවයි මේවා නිෂ්ක්‍රීය කර තිබුණේ.

views

819 Views

Comments

arrow-up