මාර්ග බාධකයේ සිටි හමුදා සෙබලුන් අනතුරට ලක් කළ කැබ් රථය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
18

මාර්ග බාධකයේ සිටි හමුදා සෙබලුන් අනතුරට ලක් කළ කැබ් රථය

මාර්ග බාධකයේ සිටි හමුදා සෙබලුන් අනතුරට ලක් කළ කැබ් රථය

වව්නියාව ඕමන්ත මහා විද්‍යාලය අසළ මාර්ග බාධකයේ සේවය කරමින් සිටි හමුදා සාමාජිකයන් දෙදෙනෙකු කැබ් රථයක ගැටී අනතුරට ලක් වී තිබෙනවා. පසුව කැබ් රථය ඉදිරියට ධාවනය කර ඇති අතර එහිදී බෝක්කුවක ගැටී එය නතර වී තිබෙනවා.

 

පසුව කැබ් රථයේ ගමනන් ගත් රියදුරා සහ සහයකයා කැබ්රථය දමා පලාගොස් තිබෙනවා.

 

අනතුරින් තුවාල ලැබූ යුධ හමුදා සාමාජිකයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

 

කැබ් රථයේ තිබී බලපත්‍ර නොමැතිව රැගෙන යමින් තිබූ බුරුත දැව කඳන් තොගයක් හමු වූ බව පොලීසිය ප්‍රකාශ කළා.

 

මේ වන විට කැබ් රථයේ රියදුරු සහ සහයකයා සොයා පොලිසිය හා හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වනවා.

views

794 Views

Comments

arrow-up