ශ්‍රී ලංකන් ගුවන් යානා තුනකින් රහසිගතව යැවූ පෙට්ටි තොගයක් ගැන හෙළිදරව්වක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
18

ශ්‍රී ලංකන් ගුවන් යානා තුනකින් රහසිගතව යැවූ පෙට්ටි තොගයක් ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් යානා තුනකින් රහසිගතව යැවූ පෙට්ටි තොගයක් ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා තුනක් විසින් ටොන් 102 ක බරකින් යුත් රහසිගත පෙට්ටි තොගයක් උගන්ඩාව වෙත ගෙන ගොස් තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

 

මේ සම්බන්ධයෙන් අදාළ අංශවලින් තොරතුරු විමසුවද එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ බව එම පුවත්පත වාර්තා කරනවා. මෙලෙස රැගෙන ගොස් ඇත්තේ මුද්‍රිත අමුද්‍රව්‍ය යැයි දැනගන්නට තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වෙනවා.

 

මේ පිළිබඳව ට්විටර් සටහනක් තබමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පසුගිය 24 වැනිදා සඳහන් කර තිබුණු අතර මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසීමත් සමග එම සටහන ඉවත් කර ගැනීමට කටයුතු කර ගෙන තිබෙන බවට පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

 

views

896 Views

Comments

arrow-up