මල් ශාලාවේ කසිප්පු පෙරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

මල්ශාලාවක හිමිකරුටත් හොර රහසේ මල්ශාලාව තුල කසිප්පු පෙරා විකිණීමේ යෙදුණු සේවකයකු ගෝඩා බැරලයක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය පසුගියදා සමත්විය.
මෙලෙස අවමංගල කටයුතු සිදු කෙරෙන මල්ශාලාවක හොර රහසේ කසිප්පු පෙරණ බවට ලද තොරතුරකට අනුව පොලිසය කළ වැටලීමකදී මේ බව අනාවරණය වී ඇත.
පොලිසිය අදාල ස්ථානය වටලන අවස්ථාවේදී පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා බැරලයක් හා උපකරණ කිහිපයක් ද සොයා ගැනීමට සමත්වී ඇත. සංචරණ සීමා පැවැති කාලය තුල ඉතාමත් රහසිගතව සැකකාර සේවකයා මල්ශාලාවේ පසෙක කසිප්පු පෙරා විකුණා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
පොලිස් පරීක්ෂණ කෙරෙද්දී කසිප්පු පෙරූ බව කියන සේවකයා වරද පිලිගෙන ඉදිරිපත්ව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හා භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2449 Views
Comments