Huwawei සමාගම අගමැතිට මිලියන 2 ක් දෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
31

Huwawei සමාගම අගමැතිට මිලියන 2 ක් දෙයි

Huwawei සමාගම අගමැතිට මිලියන 2 ක් දෙයි

සුප්‍රසිද්ධ චීන තාක්ෂණික සමාගමක් වන හුවාවෙයි සමාගමේ මෙරට නියෝජිතයින් පිරිසක් අද (31) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

 

ඒ මෙරට කොරෝනා වසංගතය මර්දන ක්‍රියාවලිය වෙනුවෙන් තම දායකත්වය සැපයීම සඳහායි.

 

ඒ අනුව අදාළ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

 

මෙරට වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හුවාවෙයි සමාගම දක්වන සහයෝගය එහිදී අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්වී තිබෙනවා.

 

එම අවස්ථාවට හුවාවේ සමාගමේ මහජන සම්බන්ධතා හා සන්නිවේදන අංශයේ උපසභාපති චෙන් මින්ජි, හුවාවෙයි ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ලියාං යී, මහජන සම්බන්ධතා හා සංනිවේදන අංශයේ උප සභාපති ක්‍රිස්ටෝෆ් ලී, ව්‍යාපාර හා ව්‍යවසාය අංශ ප්‍රධානී ෂියාඕ හුවා යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

views

996 Views

Comments

arrow-up