අද කාලගුණය

මේ වන විට නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ හේතුව නිසාම අද දිනයේදීත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් අද දිනයේදී මිලිමීටර් 150 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
උතුරු පළාතට සහ උතුරු මැද පළාතටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශය වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 ක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
819 Views
Comments