මෙරට කොරෝනා ආසාදිතයින් ලක්ෂයේ සීමාව පසුකරයි. කැස්බෑවේ කොරෝනා පොකුරක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
24

මෙරට කොරෝනා ආසාදිතයින් ලක්ෂයේ සීමාව පසුකරයි. කැස්බෑවේ කොරෝනා පොකුරක්

මෙරට කොරෝනා ආසාදිතයින් ලක්ෂයේ සීමාව පසුකරයි. කැස්බෑවේ කොරෝනා පොකුරක්

අද දිනයේ දී මෙරට කොරෝනා අසාදිත පුද්ගලයින් 826 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ගියා.

 

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100 517 ක් ලෙස දැක්වෙනවා.

 

මේ අනුව ඊයේ (23) දිනයේ දී කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පුද්ගලයන් 112 දෙනෙකු ඇසුරෙන් සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල ලැබී තිබෙනවා.

 

ඒ අතරින් පුද්ගලයින් 65 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරිය පැවසුවා.

 

මේ අනුව දින 5ක් තුල කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් හමු වූ රෝගීන් සංඛ්‍යාව 97 ක් ලෙස දැක්වෙනවා.

 

ඒ අතර රජයේ සුපිරි වෙළඳසැලකින රෝගීන් දෙදෙනකු ද පෞද්ගලික වෙළඳසැලකින් රෝගීන් 8 දෙනෙකු බැගින් ද වාර්තා වී තිබෙනවා.

 

මේ හේතුවෙන් එම සුපිරි වෙලඳසැල් දෙකම වසා දමා ඇති අතර වාර්තා වූ රෝගීන් 97 දෙනාට සම්බන්ධ ආශ්‍රිතයින් 300 දෙනකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

views

783 Views

Comments

arrow-up