අධිවේගී මාර්ගයේ එතනෝල් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
09

අධිවේගී මාර්ගයේ එතනෝල් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

අධිවේගී මාර්ගයේ එතනෝල් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

ප්‍රවාහනය කරමින් තිබූ එතනෝල් තොගයක් සමග පුද්ගලයෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එය ව්‍යාජ ලෙස සැකසූ ලිපි ලේඛනත් සමඟයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ අගුණුකොළපැලැස්ස පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කළ මෙම ලොරි රථය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත නිලධාරීන් හඹාගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

 

එහිදී ලොරි රථය තුළ තිබී එතනෝල් ලීටර් 5,000 බැරල 25ක් හමුවී තිබුණි.

 

අත්අඩංගුවට ගත් 35 හැවිරිදි රියදුරු සහ එතනෝල් තොග වීරවිල පොලිස්ථානය භාරයේ පවතී.

 

 

 

 

 

 

 

 

 

source : adaderana

views

594 Views

Comments

arrow-up