කොරෝනා අස්සේ මහනුවර පාතාල ගිනි කෙළි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
02

කොරෝනා අස්සේ මහනුවර පාතාල ගිනි කෙළි

කොරෝනා අස්සේ මහනුවර පාතාල ගිනි කෙළි

මහනුවර දිගන ප්‍රදේශය ඊයේ රාත්‍රියේ යුද පිටියක් වී තිබෙනවා .ඒ පාතාල  කල්ලියක් පරික්ෂාවට ගිය පොලිස් නිළධාරින්ට එම කල්ලි සාමාජිකයින් විසින් ප්‍රෙට්‍රල් බෝම්බයක් දමා ගැසීමත් සමඟයි.

 

මෙහිදී වහාම ක්‍රියාත්මක වූ පොලිසිය පාතාල කල්ලිය වට කොට වෙඩි තබා තිබෙනවා.

 

පොලිසිය විනාඩි කිහිපයක් මෙලෙස වෙඩි තබා ඉන් පාතාල කල්ලි සාමාජිකයින් 5 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

එක් අයෙකු පොලිස් වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කළා.

 

විමර්ශන වලදී අනාවරණය වූයේ මෙම පාතාල කල්ලි සාමාජිකයින් අතරින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් හා බන්ධනාගාරයෙන් පලා ආ අය බවයි.

 

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා.

 

මෙම ගැටුමෙන් කිසිදු පොලිස් නිළධාරියෙකුට තුවාල වී නැහැ.

views

1111 Views

Comments

arrow-up