දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා ආසාදිතයින් හඳුනාගැනේ

ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් සිදුවන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් හදුනාගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු නාවික හමුදා නිලධාරියෙක් වන අතර ඔහු කිරිඳිවැල තිරිවානකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනෙක් පුද්ගලයා කොළඹ විශ්වවිද්‍යාලය සිදුකළ පරීක්ෂණයකින් හඳුනාගෙන ඇති නමුත් එම ආසාදිතයාගේ ප්‍රදේශය පිළිබඳව තවමත් තහවුරු කරගෙන නොමැත.
ඩෙල්ටා ආසාදිත බව හඳුනාගත් නාවික හමුදා නිලධාරියා ඉකුත් 26 වන දා තිරිවානකන්දේ සිය නිවසට පැමිණ ආපසු නැවතත් 28 වන දා බූස්ස නාවික හමුදා කඳවුරට ගොස් තිබේ.
මේ හේතුවෙන් එම හමුදා නිලධාරියාගේ ගම් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත ලෙස හදුනා ගත් පුද්ගලයින් 179 දෙනෙකුගේ ජෛව සාම්පල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතද යන්න පිළිබඳව සොයා බැලීමට යොමු කර ඇති බව වාර්තා වේ.
අලුතින් හඳුනාගත් මෙම ආසාදිතයින් දෙදෙනා ද සමඟ මෙරට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇත.
700 Views
Comments