ලංකාව සමඟ ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොවිඩ්

ශ්‍රී ලංකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 3 දෙනෙකුට සහ නිලධාරීන් සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
මේ හේතුවෙන් ලංකාව සමග ක්‍රීඩා කළ සමස්ත එංගලන්ත කණ්ඩායමම නිරෝධායනය කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
එංගලන්ත කණ්ඩායම පකිස්තානය සමඟ එක්දින තරගාවලියකට සහභාගිවීමට නියමිතව තිබුණු අතර එම තරගාවලිය සැලසුම් කල පරිදි පැවැත්වෙන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
මේ අතර එංගලන්ත සංචාරයේදී දිගින් දිගටම අසාර්ථක මූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට ළඟා වූවා.
995 Views
Comments