නීතිවිරොධීව ඉන්දියාවෙන් ගෙනා කහ කිලෝ 700 ක් ගිණිතබා විනාශ කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
06

නීතිවිරොධීව ඉන්දියාවෙන් ගෙනා කහ කිලෝ 700 ක් ගිණිතබා විනාශ කරයි

නීතිවිරොධීව ඉන්දියාවෙන් ගෙනා කහ කිලෝ 700 ක් ගිණිතබා විනාශ කරයි

මන්නාරම පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනාකමින් යුත් වියළිකහ කිලෝ ග්‍රෑම් 777 ක් මන්නාරම තාරපුරම් ප්‍රදේශයේදී මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව ගිනි තබා විනාශකර තිබේ.

 

 මෙලෙස ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස රැගෙන එන ලද එම වියළි කහ තොගය විනාශ කිරීමට අධිකරණය නියෝග කර ඇත්තේ එරට තුළ ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය ද පැතිර යාම සැලකිල්ලට ගෙන වන අතර වියළි කහ තොගය මෙරටට ගෙන්වූ පුද්ගලයින් පිලිබද තොරතුරු අනාවරණ වී නොමැති බවයි මන්නාරම පොලීසිය සඳහන්කර ඇත්තේ.

views

791 Views

Comments

arrow-up