තවත් කොරෝනා මරණ 41ක්

කොවිඩ් ආසාදිත තවත් 41 දෙනක් ඊයේ(27) දිනයේ මරණයට පත් ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(28) තහවුරු කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,985 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය අය අතර පිරිමි අය 24 දෙනෙක් සහ කාන්තාවන් 17 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 33 දෙනක් අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන හයදෙනකු හා වයස අවුරුදු 30ට අඩු දෙදෙනකු මියගිය අය අතර වේ.
827 Views
Comments