ඇමතිවරයකුගේ නිවස අසල වෙඩි තැබීමක් - පොලිස් වෙඩි පහරින් එක් අයෙකු මරුට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
21

ඇමතිවරයකුගේ නිවස අසල වෙඩි තැබීමක් - පොලිස් වෙඩි පහරින් එක් අයෙකු මරුට

ඇමතිවරයකුගේ නිවස අසල වෙඩි තැබීමක් - පොලිස් වෙඩි පහරින් එක් අයෙකු මරුට

රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාට අයත් මඩකළපුව සින්නිවුර්නිහි පිහිටි නිවසක් ඉදිරිපිට අද වෙඩි තැබීමක් සිදුව තිබේ.

 

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම කර තිබූ අතර ඉන් වැලි ටිපර් රථ රියදුරකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මහතා ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

 

මියගිය ටිපර් රථ රියදුරා සහ මෙම පොලිස් නිලධාරියා අතර මීට දින කිහිපයකට පෙර යම් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇත. අද එම ටිපර් රථ රියදුරු ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරියා ඔහුට වෙඩි තබා ඇත.

 

මෙම වෙඩි තැබීම සිදුවන විට රාජ්‍ය අමාත්‍යවරයා නිවසෙහි සිට නොමැත.

 

සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

views

1357 Views

Comments

arrow-up