දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු වලින් ප්‍රවේශම්වන ලෙස උපදෙස්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
29

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු වලින් ප්‍රවේශම්වන ලෙස උපදෙස්

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු වලින් ප්‍රවේශම්වන ලෙස උපදෙස්

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


 
මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ.

 

මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිර දෙසින් හමා එන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි.

 

සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

 

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

 

දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

views

1321 Views

Comments

arrow-up