සරසවි සිසුන්ටත් කොවිඩ් එන්නත්

දිවයිනේ සියලුම විශ්ව විශ්වවිද්‍යාලවල සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
මේ සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලෙස දැනටමත් විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යවරයා දන්වා තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වෛද්‍ය නිර්දේෂ මත හැකි ඉක්මනින් විශ්ව විද්‍යාල නැවතත් ආරම්භ කරන ලෙසයි.
අධ්‍යාපන ඇමැතිවරයා මේ බව පැවසුවේ මාර්ගගත විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයෙහි ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අද එම අමාත්‍යාංශයේ පැවැති පැවැති සාකච්ඡාවකදීය.
477 Views
Comments