ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
22

ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශයේ අද(22 )උදෑසන 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය නමය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

 

ඒ අනුව කළුතර - උතුර හා දකුණ, පිලමිනාවත්ත, බෝඹුවල, ගමගොඩ, වාද්දුව, මොරොන්තුඩුව පාර වස්කඩුව, වේරගම, මැස්ටිය හා හබරලගහලන්ද යන ප්‍රදේශවලට ජල සැපයුම  අත්හිටවනු ඇති.

 

මේ අතර අද පස්වරු 8.30 සිට හෙට දින පෙරවරු 8.30 දක්වා පැය 24ක කාලයක් පයාගල, බේරුවල, දර්ගා නගරය, බෙන්තර, අලු‍ත්ගම, කළුවාමෝදර, මොරගොල්ල සහ මග්ගොන යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා. 

views

756 Views

Comments

arrow-up