අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
05

අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

අද දිනයේදීත් බස්නාහිර සබරගමු වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

බස්නාහිර පළාතේත්, සබරගමුව පළාත් වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

 

මීට අමතරව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ස්ථාන වල මිල මීටර් 50 ඉක්ම වූ වැසි ඇති විය හැකිය. මීට අමතරව ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක විටින් විට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

views

856 Views

Comments

arrow-up