රිෂාඩ්ගේ නඩුව විභාගයෙන් තවත් විනිසුරු වරයෙකු ඉවත් වේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
05

රිෂාඩ්ගේ නඩුව විභාගයෙන් තවත් විනිසුරු වරයෙකු ඉවත් වේ

රිෂාඩ්ගේ නඩුව විභාගයෙන් තවත් විනිසුරු වරයෙකු ඉවත් වේ

රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් තමාව රඳවාගෙන ප්‍රශ්න කිරීම නීති විරෝධී ඇයි තීන්දුවක් දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත් වී තිබේ.

 

පෞද්ගලික හේතුවක් මත මෙලෙස නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරුවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

 

කෙසේ නමුත් පෞද්ගලික හේතුවක් බව පවසා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ද මෙම පෙත්සම විභාගයෙන් ඉවත්විය. ඒ අනුව මෙම පෙත්සම විභාගයෙන් ඉවත්ව ගිය දෙවන විනිසුරුවරයා වන්නේ යසන්ත කෝදාගොඩ මහතාය.

 

මීට අමතරව පෞද්ගලික හේතුවක් බව පවසා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමින්ද මෙලෙසම විනිසුරුවරුන් ඉවත්විය.

 

 

 

 

 

 

 

 

 

 

source: divaina

views

1409 Views

Comments

arrow-up