කතානායකවරයාට වැලිගමින් එල්ල වූ විරෝධය

කතානායකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (27) වැලිගම චාලි මවුන්ට් වත්තෙහි නිරීක්ෂණ චාරිකාවක යෙදීමේදී ජනතාවගෙන් විරෝධයක් පැන නැගුණි.
එම ප්‍රදේශය රජයට අයත් භූමියක කර්මාන්ත පුරයක් ඉදිකිරීමට යෝජිත ඉඩමක් නිරීක්ෂණය සඳහා මෙලෙස කතානායකවරයා ගොස් ඇත. එහිදී වතුයායේ සේවකයින් ඔහුට විරෝධය පළ කර තිබේ.
ඔවුන්ගේ විරෝධතාවය වූයේ කර්මාන්තපුරය ඉදිකිරීමත් සමග වතු යායෙන් යැපෙන තමන්ගේ ජීවනෝපාය නැතිවෙන බවයි.
පොලීසියේ මැදිහත් වීමෙන් පසු කතානායකවරයාට ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණි.
530 Views
Comments