එතිහාඩ් ගුවන් සේවය ශ්‍රී ලාංකික මගීන් එපා කියයි

නව කොවිඩ් ප්‍රභේදයන් පැතීරීයාම හේතුයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එතිහාඩ් ගුවන් සේවය තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව පාකිස්ථානය, නේපාලය හා බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන. රැගෙන ඒම ලබන 31 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටවූ බව එතිහාඩ් ගුවන් සේවා සමාගම කියා සිටී.
මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඉන්දියාවෙන් සංචාරකයින් එරටට ගෙන්වා ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ද තීරණය කර ඇත.
845 Views
Comments