පළාත් අතර බස් රථ හා දුම්රිය ධාවනය ඇරඹෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
13

පළාත් අතර බස් රථ හා දුම්රිය ධාවනය ඇරඹෙයි

පළාත් අතර බස් රථ හා දුම්රිය ධාවනය ඇරඹෙයි

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ බදාදා(14) දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පළාත් අතර සීමිත බස් ධාවනය ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමාත්‍ය දිලු‍‍ම් අමුණුගම මහතා පැවසුවේය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ දුම්රිය ධාවනය ද ඊට සමගාමිව සිදුකිරීමට නියමිත බවයි.

 

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා...

 

“බදාදා සිට නැවතත් සීමා සහිත ධාවනය ආරම්භ කරනවා.

උදාහරණයකට වැඩට යන කෝච්චි ටික සහ හවසට ආපහු ඒ අය නිවෙස්වලට යන කෝච්චි ටික.

ඒ වගේම පළාත් අතර රාජ්‍ය සේවකයින් සහ අත්‍යවශ්‍ය පෞද්ගලික සේවකයින්ට කියපු නීති රීතිම අනුගමනය කරන්න ඕනේ.

තමන්ගේ රාජකාරි හැඳුනුම්පත තිබිය යුතුයි බස් රථයට දුම්රියට ගොඩවෙන්න. පෞද්ගලික රාජකාරිනම් ඒ හැඳුනුම්පත් තිබිය යුතුයි.

ඒ දවසට අදාළ ලියකියවිලි ළඟ තිබිය යුතුයි. මේ අයට ගමන් කිරීමට බදාදා සිට අපි යම් දුම්රිය හා බස්රථ ප්‍රමාණයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා.”

views

971 Views

Comments

arrow-up