දියනෑමට ළිඳට ගිය 11 හැවිරිදි සිසුවා අතුරුදන් - ඇඳුම් පමණක් ළිඳ ලඟ

වයස අවුරුදු එකොළහක පාසල් සිසුවකු සිය ගෙවත්තේ ළිඳෙන් දියනෑමට ගොස් ආපසු නොපැමිණි බවට දෙමව්පියන් 11 පසුගිය වනදා මාන්කුලම් පොලිසියට පැමිණිලි කොට තිබේ.
මුලතිව් තුනුක්කායි උදයසූරියන් ගම්මානයේ පදිංචි විජය කුමාර් විදුෂන් නැමති මොහු දියනෑම සඳහා රැගෙන යන ලද ඇඳුම් ළිඳ ආසන්නයේද රෙදි සේදීම සඳහා රැගෙන ගිය සේදුම් කුඩු පැකැට්ටුව මාර්ගයේද වැටී තිබියදී දෙමව්පියන්ට හමුවී ඇත.
පොලිසිය විසින් ගම්වැසියන්ගේ සහය ඇතිව ළිඳ පරීක්ෂා කොට ඇතත් අතුරුදහන් වූ ශිෂ්‍යයාට සම්බන්ධ කිසිවක් ළිඳ තුළින් හමු වී නොමැත.
මාන්කුලම පොලිසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
1142 Views
Comments