අද කාලගුණය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
13

අද කාලගුණය

අද කාලගුණය

අද දිනයේ (13) ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් පිලිබද කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව අනාවරණය කරයි.ඒ අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්
වයඹ පළාතේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින්විට පැ.කි.මී. 50-60 දක්වා වන තද සුළං ඇතිවේ.

 

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින්විට පැ.කි.මී. 40 දක්වා වන තරමක තද සුළං ද ඇතිවිය හැකිය.

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ වර්ෂාවේ අඩුවක් බලාපොරොත්තු වන බව කාලගුණ කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

views

706 Views

Comments

arrow-up