චන්දිමාල් හදිසියේම කෙසෙල්වත්ත පොලිසියට කැඳවයි (VIDEO)

රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ නැවත වරක් පොලිසිය වෙත කැදවා තිබෙනවා.මේ වන විටත් ඔහු කෙසෙල්වත්ත පොලිසියේ ප්‍රකාශක ලබා දෙමින් සිටිනවා.මේ අවස්ථාව සඳහා ඔහුගේ රියදුරු ද කෙසෙල්වත්ත පොලිසිය වෙත කැඳවා තිබෙනවා .
නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් චන්දිමාල් සහ පියුමි හංසමාලි අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පෙරේදා දින නඩුව අවසානයේ ඇප ලබා ඔවුන් අධිකරණය අසලටම සුඛෝපභෝගී රථය ගෙන්වා ගෙන හැරවිය නොහැකි ස්ථානයකින් රථය හැරවීම සම්බන්ධයෙන් මෙම කැදවීම කර තිබෙනවා.කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී මෙම රථ වාහන වැරැද්ද සිදුව තිබුණා.එදින මෙම නඩුව වීඩියෝ තාක්ෂණයෙන් පැවැති අතර නඩුව අවසානයේ චන්දිමාල්ගේ සුඛෝපභෝගී රථයේ පියුමි හංසමාලිද ගොස් තිබුණා.
598 Views
Comments