සෞඛ්‍ය නීතියට අනුව ධාවනය වන බස් වලට 20%ක් වැඩිපුර අය කිරීමට ඉඩ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
20

සෞඛ්‍ය නීතියට අනුව ධාවනය වන බස් වලට 20%ක් වැඩිපුර අය කිරීමට ඉඩ

සෞඛ්‍ය නීතියට අනුව ධාවනය වන බස් වලට 20%ක් වැඩිපුර අය කිරීමට ඉඩ

සෞඛ්‍ය නීතිය අනුකූලව ධාවනය කෙරෙන බස් රථ සඳහා 20%ක පමණ මුදලක් වැඩිපුර අය කිරීමට අවසර දී තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද(20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 

රජය විසින් දුම්රිය හා ලංකා ගමනාගමන මණ්ඩලය සේවාවක් ලෙස පවත්වාගෙන යන බවද  හෙතෙම සඳහන් කළේය.

 

පෞද්ගලික ප්‍රවාහන අංශයට රජය  විවිධ පහසුකම් ලබාදී තිබුණද ඒවා ප්‍රමාණවත් නොවන බවට තමා පිළිගන්නා බවත් තවදුරටත් සහන ලබාදීමට රජය සමඟ සාකච්ඡා කර ගෙන යන බවත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

 

දුම්රිය බඩු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බව පැවසූ ඇමැතිවරයා තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය මෙන්ම  සිමෙන්ති හා වැලි ප්‍රවාහනයද  දැනටමත් අරඹා ඇතැයි පැවසුවේය.

views

856 Views

Comments

arrow-up