රියදුරා හදිසියේ අසනීප වීමෙන් බස්රථයක් ප්‍රපාතයකට පෙරලී යයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
29

රියදුරා හදිසියේ අසනීප වීමෙන් බස්රථයක් ප්‍රපාතයකට පෙරලී යයි

රියදුරා හදිසියේ අසනීප වීමෙන් බස්රථයක් ප්‍රපාතයකට පෙරලී යයි

බස් රථ රියදුරාට ඇතිවූ හදිසි අසනීපයක් හේතුවෙන් නුවරඑළිය හයිෆොරස්ට් ප්‍රදේශයේ සිට රාගල දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

අද උදෑසන 11:30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

 

අනතුරින් තුවාල ලැබූ මඟින් ඇතුළු පිරිස හයිෆොරස්ට් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන්.

 

මේ වන විට ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රාගල පොලිසිය වාර්තා කරනවා.

 

කෙසේ නමුත් අනතුර පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසියේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර සිටියා.

 

 

views

681 Views

Comments

arrow-up