චීන ආරක්ෂක ඇමති ලබන සතියේ දිවයිනට

චීනයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් Wei Fengue මේ මාසය අගදී ලංකාවේ සංචාරයක නිරත වන බව වාර්තා වනවා.
මේ මස 27 වනදා සිට 29 දක්වා එම සංචාරය සිදුවන බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වී ඔවුන් සමග සාකච්ඡා කිරීමට ද ආරක්ෂක අමාත්‍යවරයා සූදානම් බව වාර්තා වනවා.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී චීන රාජ තාන්ත්‍රිකයෙකු වූ Yang Jiechi ලංකාවට පැමිණීමෙන් පසුව පැමිනණෙන දෙවන ඉහළ පෙලේ නිලධාරියා චීන ආරක්ෂක අමාත්‍යවරයායි.
533 Views
Comments