ඊයේ ආසාදිතයන් 2429 ක් - රාමසානුත් කල් යයි

ඊයේ (12) දිනයේ දී මෙරටින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,429 දෙනෙකු හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 133 527 ක් දක්වා ඉහළ ගියා.
මේ අතර ඊයේ (12) දිනයේදී නව සඳ නිරීක්ෂණය නොවීම නිසා රාමසාන් උත්සවය හෙට සැමරීමට තීරණය කළ බව කොළඹ මුස්ලිම් මහ පල්ලිය නිවේදනය කළා.
මෙවර රාමසාන් දිනයේ දී යාච්ඤා පැවැත්වීමෙන් වළකින ලෙසත් කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සඳහා රාමසාන් දිනය තුළ දී ඒවා වසා දැමිය යුතු බවත් සියලු මුස්ලිම් ආගමික දේවස්ථාන වෙත කොළඹ වකුෆ් සභාව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම රාමසාන් උත්සවයක් සමඟ ඥාති නිවෙස් වලට නොයන ලෙස ඉස්ලාම් ජනතාවගෙන් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මුෂ්රිෆ් මුනාස් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
1982 Views
Comments