බුත්තල වෙළඳසැල් වැසේ - බස් ගමනාගමනයත් අඩාලයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
26

බුත්තල වෙළඳසැල් වැසේ - බස් ගමනාගමනයත් අඩාලයි

බුත්තල වෙළඳසැල් වැසේ - බස් ගමනාගමනයත් අඩාලයි

අද (26) දිනයේදී බුත්තල නගරයේ සියලුම වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන බව බුත්තල නගරයේ වෙළඳසැල් හිමියන්ගේ වෙළඳ සංගමය පවසනවා.

 

මේ වන විට පවතින කොරෝනා අවදානම සලකා බලා මෙසේ අද (26) උදෑසන සිට හෙට (27) උදෑසන දක්වා වෙළඳසැල් වසා දමන බවයි වෙළෙඳ සංගමය පැවැසුවේ.

 

බුත්තල නගරයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමත් සමග සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබුණා.

 

එමෙන්ම බුත්තල නගරයේ බස් ධාවනය ද අද දිනයේදී අඩාල වී තිබෙනවා. අද වන විට ආසාදිතයින් 45 දෙනකු බුත්තල නගරය තුළින් හඳුනා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය නිලධාරීන් පැවසුවා.

 

මීට අමතරව තවත් PCR පරීක්ෂණ 100 ක පමණ ප්‍රතිඵල ලැබීමට නියමිත බව ද වාර්තා වනවා.

views

924 Views

Comments

arrow-up