ඉබ්බාගමුවේ පිපිරීමක් - දෙදෙනෙකුට තුවාල

ඉබ්බාගමුව ප්‍රදේශය සිදු වූ කුඩා පිපිරීමකින් තුවාල ලද තරුණයන් දෙදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම තරුණයන් දෙදෙනා මල් වෙඩිල්ලක් සෑදීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇත.
යකඩ බටයක් තුළට වෙඩිබෙහෙත් දමා එය ග්‍රයින්ඩරයක් ආධාරයෙන් කැපීමට යාමේදී මෙම පිපිරීම සිදු වී ඇති අතර යකඩ බටය අල්ලාගෙන සිටි තරුණයාගේ අතක ඇගිලි හතරක් අහිමි වී තිබේ.
වයස අවුරුදු 22 සහ 27 වන මෙම තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙක් බරපතළ පිලිස්සුම් තුවාල ලබා සිටි බව වාර්තා වේ.
මේ සිදුවීම පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය විසින් පරීක්ෂණ සිදුකරයි.
source : hirunews
591 Views
Comments