සීෂෙල්ස් මුහුදු සීමාවේදී මෙරට ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
26

සීෂෙල්ස් මුහුදු සීමාවේදී මෙරට ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

සීෂෙල්ස් මුහුදු සීමාවේදී මෙරට ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

සීෂෙල්ස් මුහුදු සීමාවට නීතී විරෝධී ලෙස ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු සීෂෙල්ස් ගුවන් හමුදාව සහ එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. 

 

මෙලෙස මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

 

මෙම ධීවරයින් පිරිස යාත්‍රා 02කින් සීෂෙල්ස් මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතුවල නිරත වී ඇති බව සඳහන්ය. 

 

මැයි මාසයෙන් පසුව නීතී විරෝධී ලෙස සීෂෙල්ස් මුහුදු සීමාවට ඇතුළු වූ ධීවර යාත්‍රා 05ක් එරට  හමුදා භාරයට පත්ව ඇත. 

 

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනා සහ යාත්‍රා 02ක රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව එරට මහජන ආරක්ෂක බලකාය සඳහන් කරයි.

views

827 Views

Comments

arrow-up