කාබනික පොහොර භාවිතා කළොත් සේවකයන්ට රුපියල් 500ක වැටුපක්වත් නැහැ වතු හිමියෝ

මෙරට රසායනික පොහොර භාවිතා කිරීම නවතා වගා සඳහා කාබනික පොහොරවලට යොමුවීමෙන් ගොවියා කබලෙන් ලිපට ඇද දැමීමට ආණ්ඩුව ක්‍රියා කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ඔහු පවසන්නේ එලෙස කබනික පොහොර පමණක් භාවිතා කරන රටවල් ඇත්තේ අතළොස්සක් බවයි.
මේ නිසා කාබනික පොහොර භාවිත කිරීම හේතුවෙන් මෙරට ගොවියාගේ ආදායම අඩුවන බව ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වන බවත් ඔහු පවසනවා.
මේ අතර පොහොර නොමැතිව වගා කිරීමට සිදුවුවහොත් සේවකයන්ට රුපියල් 1000 පඩිය නොව රුපියල් 500ක් වත් ගෙවීමට නොහැකි වන බව වතු සමාගම් පෙන්වා දෙනවා.
1183 Views
Comments