අද කාලගුණය

අද දිනයේ දී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, උතුරුමැද, හා නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම බස්නාහිර, වයඹ, දකුණු පලාත් වල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවත්, බරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 75 ක පමණ තදවැසි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අද දිනයේ දී මන්නාරමේ සිට පොතුවිල් දක්වා කොළඹ ගාල්ල හ හම්බන්තොට හරහා විහිදී ඇති මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනු ලබයි.
කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 20ත් 25ත් විය හැකි අතර ගාල්ලේ සිට පොතුවිල් දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 45ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
656 Views
Comments