සිව්පුද්ගල ඝාතනයට යොදාගත් ගිනිඅවිය සොයාගනී
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
26

සිව්පුද්ගල ඝාතනයට යොදාගත් ගිනිඅවිය සොයාගනී

සිව්පුද්ගල ඝාතනයට යොදාගත් ගිනිඅවිය සොයාගනී

තංගල්ල නාකුළුගමුව  ප්‍රදේශයේ නිවසක් පිටුපස වලදමා තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ ඊට භාවිත කරන උණ්ඩ 13ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.

 

2018 වසරේ කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රිතව පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතන සිද්ධියේ සැකකරු වන සුපුන් බුද්ධික නොහොත් වලස්ගල සුපුන් නැමැත්තාගේ ඉඩමට ආසන්න ඉඩමක වලදමා තිබියදී ඒවා සොයාගෙන ඇත.

 

මෙසේ සොයාගත් ගිනිඅවිය එම ඝාතන සඳහා යොදා ගැනීමෙන් පසු සඟවා තබා ඇති බවට වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේය.

 

මේ අතර මාලබේ ප්‍රදේශයේ දී ද උණ්ඩ 7ක් සහ පිස්තෝලයක් සමඟ ඊයේ(25) පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

953 Views

Comments

arrow-up