ඩෙල්ටා රට පුරා පැතිරිලාද යන්න තව දින කිහිපයකින් කිව හැකියි - විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
03

ඩෙල්ටා රට පුරා පැතිරිලාද යන්න තව දින කිහිපයකින් කිව හැකියි - විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා

ඩෙල්ටා රට පුරා පැතිරිලාද යන්න තව දින කිහිපයකින් කිව හැකියි - විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවේ ඩෙල්ටා කොවිඩ් ප‍්‍රභේදය රට පුරාම පැතිරී ඇත්ද යන්න තව දින කිහිපයකින් කිව හැකි බවයි.

 

ඒ ඩෙල්ටා කොවිඩ් ප‍්‍රභේදය ලංකාව පුරා පැතිරිලාද යන්න සම්බන්ධයෙන් ඇගෙන් විමසූ අවස්ථාවකදීයි.

 

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සිටියේ

“තාමත් හැමදාම දවසකට කොවිඩ් ආසාදිතයන් දහසකට වැඩිය හමුවෙනවා.

දැන් ඒ අතරේ තමයි ඩෙල්ටා කොවිඩ් ප‍්‍රභේදය හඳුනා ගන්නේ.

ඩෙල්ටා කොවිඩ් ප‍්‍රභේදය ලංකාව පුරා පැතිරිලාද යන්න සොයා පරීක්‍ෂණ කරමින් ඉන්නේ.

ඒ ගැන හරියටම තව ටික දවසකින් කියන්න පුළුවන්“

views

872 Views

Comments

arrow-up