එන්නත් ගැන බොරු කියූ අසේල සම්පත් අත්අඩංගුවට

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අසේල සම්පත් නමැත්තා ඊයේ රාත්‍රියේ පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී CID ය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ඔහු එන්නත්කරනය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කිරීම නිසාය
අස්ට්‍රාසෙනිකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීමෙන් පසු යම් ද්‍රව්‍යයක් මිශ්‍ර කර තත්ත්ව බාල කිරීමෙන් අනතුරුව ඒවා ජනතාවට එන්නත් කිරීමට ලබාදෙන බවට අසේල සම්පත් මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට ඖෂධ නියාමන අධිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
791 Views
Comments