රට පුරාම දරුවන්ට හැදෙන මාරාන්තික රෝගය පිළිබඳ අනතුරු ඇඟවීමක් - මේ රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
26

රට පුරාම දරුවන්ට හැදෙන මාරාන්තික රෝගය පිළිබඳ අනතුරු ඇඟවීමක් - මේ රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා (VIDEO)

රට පුරාම දරුවන්ට හැදෙන මාරාන්තික රෝගය පිළිබඳ අනතුරු ඇඟවීමක් - මේ රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා (VIDEO)

මේ දිනවල රට පුරා ම දරුවන්ට බලපාන මාරාන්තික රෝගී තත්ත්වයක් පිළිබඳව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර ප්‍රධාන විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා අනාවරණයක් කළා.

 

මෙය කොවිඩ් හා සම්බන්ධ රෝගයකි. කොවිඩ් වැළඳී සති හයකට පමණ පසු මෙම රෝගී තත්ත්වය ඇති වෙන බවට සොයාගෙන ඇත. නමුත් තමාට කොවිඩ් වැළඳී තිබුණු බව නොදැන සිටි බොහෝ දෙනෙකුට මෙම රෝගී තත්ත්වය පසුකාලීනව ඇති වී තිබේ. මේ වන විටත් මෙම රෝගය වැළඳුනු දරුවන් 6 දෙනෙකු දැඩිසත්කාර ඒකක වල ප්‍රතිකාර ලබමින් සිටී.

 

මෙහි රෝග ලක්ෂණ ලෙස උණ, ඇඟ පතෙහි අමාරුව, බඩේ කැක්කුම සහ පාචනය යන සාමාන්‍ය රෝග ලක්ෂණ හඳුනාගෙන ඇත. මීට අමතරව ඇස් රතුවීම, හමෙහි දද ඇතිවීම වැනි තත්ත්වයන් ද ඇතිවිය හැක.

 

මෙම රෝගී තත්ත්වය හෘදය වස්තුවට බලපෑමෙන් රුධිර පීඩනය අඩු වීම හේතුවෙන් දරුවන් මිය යාමට පවා හැකියාවක් පවතින බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

 

වැඩි විස්තර පහත වීඩියෝවෙන්

 

 

views

1020 Views

Comments

arrow-up